මංගලගේ සිහිනය ජනපති බොඳ කරයි

ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) පැවසීය.

ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු සඳහන් කළේ “ඒක දාන්නවත් එපා කිව්වා. මේ රටේ මතයක් ඇති වෙයි කියලා.. අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. නීතිගත කිරීමක් පිළිබඳ දැනුම් දීලා තිබුණා…අපි ඒවා පිළිගත්තේ නැහැ. තව අවුරුදු 100 කින් ඒක ගැන සමාජයේ තියෙන මතය අනුව ඒ කාලේ ඉන්න දේශපාලකයෝ ඒක තීරණය කරයි.” යනුවෙනි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ද මේ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබූ බව මාධ්‍ය මඟින් වාර්තාවිය. මීට ඉහතදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේදීද ඩිලාන් පෙරේරා සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් මෙලෙස සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම සඳහා උත්සහයක නිරත විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.