සේනාධිපතිගේ සාක්කුවට ගිය කෝටි 226 ක් නාවික හමුදාව සොයාගනී

කුප්‍රකට නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක කටයුතු ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමත් සමග පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නිල වාර්තාවලට අනුව 2016 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ නාවික හමුදාව මෙහෙයුම් 6371 කට සම්බන්ධ වී ඇත.

ඉන් මෙහෙයුම් 5928 ගාල්ල වරාය හරහා සිදු කර ඇති අතර, මෙහෙයුම් 443 ක් කොළඹ වරාය ඔස්සේ සිදු කොට ඇති බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයට අනුව අදාළ ආරක්ෂක කටයුතු නාවික හමුදාවට පවරා ගනු ලැබූ 2015 නොවැම්බර් මස 13 වන දින සිට ඊයේ (ජනවාරි 02) වන විට උපයා ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 263 කි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.