කුප්‍රකට බැඳුම්කර බෑනාගෙන් තවත් ඉතිහාස ගත වාර්තාවක්! (විශේෂ)

හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වාචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815ක් බව හෙළි වේ.

මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ යුතු වන අතර එසේ ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවල මේ බව සඳහන් ව තිබේ.

අර්ජුන් ඇලෝසියස්ට අයත් එම සමගෙමේ 2015 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂය සඳහා රපියල් මිලියන 59ක ශුද්ධ ලාභයක් ලබා තිබූ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පසු එම ලාභය ඉතා අධික ලෙස ඉහළ යනු දක්නට ලැබිණ.

ඒ අනුව 2016 මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ශයේ එම සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124ක් විය. 2016 මාර්තු 31න් පසු 2016 සැප්තැම්බර් 31 වනවිට සාම 6ක පමණක් එහි ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815කි.

වංචාවක් බවට තහවුරු වී තිබේන ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් පසු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ ලාභය එම බැඳුම්කර ගණුදෙනුවෙන් පසු ඉහළ යන ආකාරය ඒ අනුව පැහැදිළි වේ.

ආශ්‍රිත පුවත්: කුප්‍රකට බැඳුම්කර වංචාවේ කළු සල්ලි මාර්තුවේදී සුදු වෙයි! සැලැස්ම මෙන්න (Exclusive)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.