පොලිස් කොමිසමේ සභාපති හදිසියේම ඉල්ලා අස්වුණේ ඇයි..?

ජාතික පොලිස් කොමිසමේ සභාපති සිරි හෙට්ටිගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

දිගු කලකට විදේශගතවීමට සිදුවීම ඊට හේතුව බව සඳහන් කරමින් හෙට්ටිගේ මහතා ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇති අතර තවදුරටත් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන බවද එහි සඳහන් කර ඇතැයි වාර්තාවේ.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ය.

ලබන පෙබරවාරි මාසයේ සිය ඉගැන්වීම් කටයුතු අවසන් කර මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ද ආරියදාස කුරේ මහතා සඳහන් කළේ ය.

අනතුරුව සාමාජිකයෙකු ලෙස පොලිස් කොමිසම හා සක්‍රීයව දායක වන බව ද සිරී හෙට්ටිගේ මහතා එම ලිපිය මගින් ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.