ජනපති හම්බන්තොට ගැන දැඩි ස්ථාවරයක

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මෙතෙක් සම්පාදනය කර නොමැති බවද, ඒ පිළිබඳව කිසිදු කමිටු වාර්තාවක් ද එළිදක්වා නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ඊයේ(05) සවස පැවති උත්සවයකදී අවධාරණය කළේ, රටේ උරුමයට සහ ගෞරවයට හානි වන ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රජය කිසිදු විදේශ රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමක් ඇති කර නොගන්නා බව ය.

යම් රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමකට එළැඹෙන්නේ නම් එය ඉතා විවෘත භාවයකින් බවත් අදාළ ගිවිසුම්වල මූලික කටයුතු සම්පාදනයෙන් අනතුරුව එය නීතිපතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට මෙන් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ, රටේ ප්‍රධාන සේවකයා ලෙස තමා තෝරා පත් කර ගනිමින් තැබූ විශ්වාසය කඩවීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *