කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට ඇත.මෙලස නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබේ.
එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි සිටි පිරිස සමග ජනාධිපතිතුමා සුහදශීලි සකාච්ජාවකද නිරත විය.
මේ අතර ඊයේ දිනයේ බොහෝ වෙබ් අඩවි වල පළවූ ජනාධිපතිවරයා සිටින්නේ අසනීප තත්වයකින් යන පුවත අසත්යක් බව මෙයින් පෙනී යන අතර මෙම උත්සවයේ ඡායාරූප ඔබට පහතින් දැක ගැනීමට හැකි වනු ඇත.