ජනපතිට සිහිකැඳවීමක්!

2015 ජනවාරි 08 විප්ලවය සඳහා සමාජ ජාලය තුළ සුවිශාල දායකත්වයක් දැක්වූත්, මෙරට ප්‍රබලතම දේශපාලන ෆේස්බුක් පිටුව ලෙස සැලකෙන “UPFA – A Brighter Future” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා විශේෂ සටහනක් තබා ඇත.

UPFA – A Brighter Future ෆේස්බුක් පිටුවේ තබා ඇති එම සම්පුර්ණ සටහන මෙසේයි.

“ගරු ජනාධිපතිතුමණි,

එදා සටන් වැදුණු සියලු දෙනාගේ පොදු අපේක්ෂාව වුනේ සධාරණ සමාජයක් සහ යහපාලනයක් මගින් වෙනසක් රට තුල ඇති කිරීමයි. ඒ අනුව ජනධිපති තුමාගේ එකම වගකීම සහ යුතුකම එතුමන් දිනවීමට ක්‍රියාකළ සියලු දෙනා වෙනුවෙන් සහ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් එම පොදු අපේක්ෂා ඉෂ්ඨ කිරීම පමණි. ජනාධිපති තුමන්ට සහය පල කල සියලු දෙනා හට දැක්විය යුතු උපරිම කෘතගුණ සැලකීමද එයයි.

නමුත් ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු ජනධිපති තුමාගේ ජයග්‍රහණය වෙනුවන් පෙනීසිටි අය, සිත් තුල තිබු අනියම් අපේක්ෂා ටික ටික ඉස්මතු වන්නට පටන් ගැනුණි. ඒම අපේක්ෂා වරදාන වරප්‍රසාද ලෙස පුලුල් පරාසයක විය. ජනවාරි 8 විප්ලවයට උර දුන් සුදුසුකම් සහිත විප්ලවයේ අරමුණු අදුනන පුද්ගලයින් සධාරණ සමාජයක් සහ යහපාලනයක් ගොඩනැගීමට දායක කර ගැනීම අනිවාර්ය කාර්යයකි. නමුත් එම දායක කරගන්නා පිරිස ඒ ඒ විෂයන්ට නිපුණතාවයක් සහිත වෙනස හදුනන පුද්ගලයින් විය යුතුය. සිරස මධ්‍ය ජාලය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීමට කල මෙහෙවර අසමසමයි, අමිළයි.

යහපාලනයක් ඇති කිරීමට උරදුන් ප්‍රමුක මධ්‍ය ජාලයක් වන සිරිස හට ලබා දිය හැකි සහ දිය යුතු උපරිම වරප්‍රසාදය වනුයේ රට තුල මධ්‍ය නිදහස ස්ථාපිත කිරීමයි. නමුත් අද වන විට සිරස මධ්‍ය ජාලය දොලපිදේනි ඉල්ලන රාක්ෂයකු බවට පත්ව ඇති බවට සැකයක් පවතී. ඔහුන්ගේ වර්තමාන ක්‍රියා කලාපය අනුව එදා ඔවුන්ට සැබැවින්ම අවශ්‍යව තිබී ඇත්තේ රජාපක්ෂ පාලන සමය තුල ඔහුන්ට නොලැබුණු ප්‍රමුකතාව සහ වරප්‍රසාද යන බවට සාධාරණ සැකයක් හටගනිමින් තිබේ. මෙය සිරසට පමණක් නොව එදා මෛත්‍රීට සහය දුන් බොහෝදෙනා අඩු වැඩි වශයෙන් පෙන්වන ප්‍රේත ගති ලක්ෂණයකි.
එවන් පසුබිමක් හමුවේ වර්තමානයේ අපි මෛත්‍රීපාල ජනාධිතිතුමන්ගෙන් ආයාචනා කරනුයේ එදා ඔබතුමන් වෙනුවන් පෙනීසිටි සියලු දෙනාටම පොදු වූ අපේක්ෂා පමණක් වෙනුවෙන් පෙනී සිටින ලෙසය. ඔබ තුමන්ගේ යුතුකම එපමණය. ඔබ ඉන් ඔබ්බට කෘතගුණ විය යුතු නැත. ඔබ ජනතාවගේ සුගතිය වෙනුවන් ජනතා අපේක්ෂා ඉටු කළහොත් පක්ෂ, ජාති, ආගම භේදයකින් තොරව මේ රටේ බුහුතරයක් ජනතාව සියලු සිමා බිද දමාගෙන ඔබ හට ශක්තියක් වනු නියතය”.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *