ශෂීගේ කට නිසා විමල් තවත් හිරවෙයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි. ඇය විසින් සිදුකරන ලද ඉදිකිරීම් කටයුත්තක් සඳහා එම රුපියල් කෝටි තුනක පමණ මුදල වැය කර ඇත. එතරම් විශාල මුදලක් වැය කිරීමට ඇය මුදල් යොදාගත්තේ කෙසේද යන්න සම්බන්ධව හෙළි කර ගැනීම සඳහා අදාළ පරීක්ෂණය යටතේ ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.

පැය කිහිපයක් ඒ ගැන ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබුවත් එම විශාල මුදල ඇයට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් මූල්‍යඅපරාධ කොට්ඨාසය සෑහීමකට පත්වන පරිදි ඇයට තොරතුරු හෙළි කිරීමට නොහැකි වූ බව පවසයි. අනතුරුව මේ පරීක්ෂණයට අදාළ වාර්තාව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් නීතිපතිවරයා වෙත යවා තිබේ. ‍

නීතිපති දෙපාර්තමේන්තුව මඟින් එම පරීක්ෂණයට අදාළ වාර්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙතද යවා ඇත.

මේ අතර අද(24) අධිකරණයට ඉදිරිපත් කළ විමල් වීරවංශ හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ මහතා පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

ඇප ඇයදුමට සුවිශේෂි කරුණු ලෙස සඳහන් කර තිබු වීරවංශගේ දියණියගේ මානසික තත්ත්වය ඇප ලබා දීමට කරුණක් නොවන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

Leave a Reply

Your email address will not be published.