ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට (Exclusive)

කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මෙලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පසුගිය මාසික මහසභා රැස්වීමේදී බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

2011 අගෝස්තු මාසයේදී එවක උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි එස්.බී දිසානායක විසින් ගැසට් නිවේදනයක් ඔස්සේ මෙම ආයතනයටත්, එහි වෛද්‍ය පාඨමාලාවටත් නීතිමය පිළිගැනීම ලබාදෙනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා සරසවි සිසුන්ගේ විරෝධය නොතකා හරිමිනි.

එයින් පසුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි දැඩි ප්‍රතිපත්තියක පිහිටා සිටි අතර මෙමගින් නිදහස් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්වන බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද දක්වාම උද්ඝෝෂණ හා විරෝධතා පාගමන් අඛණ්ඩව විටෙන් විට පවත්වාගෙන එන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *