තිනියාවල හිමියෝ බැඳුම්කර මාමයි බෑනයි වෙනුවෙන් උසාවි වඩිති

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් සහ 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලමින් කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

කෝප් වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත්කරන බවත් නොමඟ යවන සුළු බවත් එම පෙත්සමේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු එහි සාමාජිකයන් 26 දෙනා ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 32 දෙදෙනකු වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටිති.

ඉකුත් 2015 වසරේ පෙබරවාරි මස 27 දින සහ මාර්තු මස 19 දින සිදුකරන ලද මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සාමාජිකයන් 26 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව විසින් සිදුකළ බව පෙත්සමේ දැක්වේ.

එම කමිටුවේ අවසන් වාර්තාව ඉකුත් වසරේ ඔක්තෝබර් මස 28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි කරුණු සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයන් 15 දෙනකු පාද සටහන් නොමැතිව හා නමදෙනකු පාද සටහන් සහිතව අත්සන් තබා ඇති බවත් පෙත්සමේ සඳහන් වේ. එම වාර්තාවේ 4.2, 6.1, 6.2 යන වගන්තිවල සඳහන් කරුණු ව්‍යාකූල ලෙස දක්වා ඇති අතර එය එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත්කරන බව පෙත්සම්කාර හිමියන් පෙන්වා දෙති.

එම බැඳුම්කර ගනුදෙනුව පිළිගත් මහ බැංකු නීතිරීති අනුව සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් පැහැදිළි සහ විනිවිදභාවයෙන් යුතුව කළ යුතු අතර දේශපාලනික හෝ පුද්ගල ඉලක්ක ගත කරගෙන නොකළ යුතු බව පෙත්සමේ දැක්වේ.

එසේම කෝප් වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ලබාගත හැකිව තිබීමත් මහජනතාවට එය ලබාගැනීමට අසීරුවීමත් මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම මගින් පෙන්වාදී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට ඕනෑම පුද්ගලයෙකුට විදිමත්ව සිදු කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුවෙන් අදාළ වාර්තාව ගබා ගත හැකි අතර එය අන්තර්ජාලයටද එක් කර තිබේ.

කෝටි 60 ක මහජන මුදල් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමට අවශ්‍ය දේශපාලන ගණුදෙනුව ඇති කිරීම සඳහා මැදිහත්වූවේද මෙම පෙත්සම ගොණු කර ඇති කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් බවදට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම 2016 පැවති වෙසක් උත්සවය අවස්ථාවේ අරලියගහ මන්දිරයේදී සැමරිම සිදු කළ කමිටුවේ ප්‍රධානියා වූයේද තිනියාවල පාලිත හිමියන්ය. එම අවස්ථාවේ නිසි ක්‍රමවේද අනුගමණය නොකරමින් අග්‍රාමාත්‍යවරයාගේ බලතල යොදාගනිමින් කෞතුකාගාරයේ තිබූ බුදුපිළිමයක් අරලියගහ මන්දිරයට වැඩමකරවාගෙන තිබූ අතර එම වැඩසටහන අතරතුර සිදු වූ නොසැලකිළමත් කටයුත්තකින් එම පිළිමයද කැඩී බිඳී ගියේය.

-ලංකා ටෲත්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *