සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනකු වැට උඩට නගී..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතවාදය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන විදුර වික්‍රමනායක සහ අතුරලියේ රතන හිමියන් වෙනස් දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානම් වන බවට වාර්තාවේ.

ටික කාලයක සිට දැඩි නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කරන මෙම දෙපළ මේ මස අගභාගයේදී තම දේශපාලන ගමන වෙනස් කිරීමේ සූදානමක පසුවේ.

එය වත්මන් යහපාලන රජයේ ක්‍රියාපිළිවෙත විවේචනය කරමින්, එය අභියෝගයට ලක්කරමින් සිදුවන්නක් බවද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තු පැමිණියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. එහෙත් උන්වහන්සේ සැබැවින්ම එවර එජාපය පාවිච්චි කරනු ලැබුයේ දියවන්නාව තරණය කිරීමේ පාරුවක් ලෙසටය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.