රටපුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර සිඳී යැමේ තර්ජනයකට ලක්‌ව තිබෙන හෙයින් පානීය ජලය අඛණ්‌ඩව සැපයීමේ හැකියාව ඇත්තේ තවත් මාස දෙකක කාලයකට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් මහතා පවසයි.
මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවැතියහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් යෝජනා ඉල්ලා ඇති බවත් ජල මණ්‌ඩලය කියයි. ඒ අනුව දැනටත් කුරුණෑගල ප්‍රදේශයට බෙදා හැරෙන ජලය පාලනය කර තිබේ.
ජල මූලාශ්‍ර සිඳී යැම හා ජල මූලාශ්‍රවල ජලය වාෂ්පවීම හේතුවෙන් ජල ගැටලුවලට මුහුණ පා ඇති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු යොදා ඇති අතර පැරණි නළ ළිං දසදහසක් පමණ වහාම පිරිසිදු කිරීම ආරම්භ කර ඇතැයිද මණ්‌ඩලය පවසයි.