ජාත්‍යන්තර කුමන්ත්‍රණ හඳුනාගත් විමල්ට, මේ කුමන්ත්‍රණය හඳුනාගත නොහැකි වෙයි.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවට එල්ලවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිහිනයෙන් මෙන් දුර තියා හඳුනාගනිමින් රටේ ජනතාව ඉදිරියේ මහ හඬින් මොරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තමාට එරෙහිව අනාගතයේ තමන්ගේ අය විසින්ම සිදුකරන කුමන්ත්‍රණය හරිහැටි හඳුනාගත නොහැකිව අද(10) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔහු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ සිදුවූ වාහන අවභාවිත කිරීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණි අවස්ථාවේදි.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන විට ඔහුත් සමඟ ආධාරකරුවන් විශාල පිරිසක්ද පැමිණ සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංහ මහතාගේ සහෝදරයෙක් වන සරත් වීරවංශ මහතාව නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ලෙස බඳවා ගනිමින් රුපියල් ලක්ෂ 62 ක් ඉන්ධන ගාස්තුවක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ලබාදීම ඔහුට එල්ලවි ඇති චෝදනාව වනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.