කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ මාධ්‍ය කටයුතු පවිත්‍ර කිරීමේ සේවා සමාගමකට දීලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිට එල්ල වන ප්‍රහාරයන්ට උත්තර දීම සදහා පෞද්ගලික මාධ්‍ය ඒකකයක්‌ පවත්වාගෙන ගොස් ඇත. එම මාධ්‍ය ඒකකය සදහා ප්‍රධානීන් දෙදෙනෙක්‌ පත්කරගෙන ඇති අතර ඒ මහේෂ් සේනානායක මහතා සහ ඒ. ඩී. සොයිසා මහත්මිය යන අයවලුන් වේ. මෙම පුද්ගලයින් දෙදෙනාට මහ බැංකුවෙන් මුදල් ගෙවා ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇතිබවද වාර්තාවේ.
අදාල පුද්ගලයින් දෙදෙනා පුද්ගලික ෆිනෑන්ස්‌ සමාගම්වල රාජකාරියේ යෙදෙන නිලධාරීන් දෙදෙනෙකි .මොවුන් මහ බැංකුව යටතේ අධීක්‍ෂණය වන ද ෆිනෑන්ස්‌ සහ සොෆ්ට්ලොජික් යන ෆිනෑන්ස්‌ ආයතනවල සේවය කරන අයවලුන් වේ.
එලෙසම පවිත්‍රතා කටයුතු ගැන ප්‍රසිද්ධියක්‌ උසුලන අබාන්ස්‌ සමාගමත් මහ බැංකුවේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටයුතු කොට ඇත. මේ කරුණු සනාථ වූයේ මහ බැංකුවේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදුකල විගණනයේදීයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.