අතුරලියේ රතන හිමි අස්වනු නෙළති

කින්නියා කොරංගුපඤඤං වසමේ අක්‌කර 10 ක වගා කරන ලද වස විස නැති බී. ජී. 352 දෙමුහුන් වී වගාවේ අස්‌වැන්න නෙලීමේ කටයුතු පසුගියදා වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සහ විපක්‍ෂ නායක ප්‍රියන්ත පතිරණ, වැඩසටහනේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක දයා චමින්ද, ත්‍රිකුණාමය ප්‍රධාන පුහුණුකරු සුනන්දලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එම කුඹුරු යායේදී සිදු කරන ලදී.
මෙහිදී අක්‌කරයට බුසල් 125 ක වාර්තාගත අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.
මෙම වසවිස නැති කාබනික වගාව දේශීය වී සඳහා පමණක්‌ නොව දෙමුහුන් වී සඳහා ද යොදාගත හැකි බව මෙම අස්‌වැන්නෙන් ඔප්පුකර පෙන්නුම් කරන ලදී.
ඡායාරූපවලින් දැක්‌වෙන්නේ රතන හිමියන් ඇතුළු පිරිස මංගල අස්‌වැන්න නෙලීමේ අවස්‌ථාව හා නෙලාගත් අස්‌වැන්න විකිණීම සඳහා ගොවියන් විසින් සූදානම් කර ඇති අයුරුත්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.