CIDය මුද්‍රණාලයාධිපතිගෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව 2015 ජනවාරි 1 දිනැතිව නිකුත්ව ඇතැයි කියන අති විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් රජයේ මුද්‍රණාලයාධිපති ඇතුළු මුද්‍රණාලයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත.
මේ මතභේදාත්මක තත්ත්වය නිසා ජනාධිපති බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසට එම කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාට ඉකුත් 23දා නියම කළේය.
එදිනම පස්වරුවේ රහස් පොලිසියේ කණ්ඩායමක් රජයේ මුද්‍රණාලයට පැමිණ අදාළ අති විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වූ ප්‍රකාශ මෙලෙස මුද්‍රණාලයාධිපති ඇතුළු නිලධාරීන්ගෙන් ලබා ගෙන තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.