හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණ්‍යක් ගෙන නැති බවත් එය අසත්‍යයක් බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජය එවැනි තීරණයක් ගෙන ඇතිබවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනනේ අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදීය.
අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව්ත, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය. “මහා පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබඳව අපට ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබඳව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු මහාපරිමාණ දූෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි.
සුළු සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිබෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමේ වගකීක් අපට පැවැරී තිබෙනවා. මෙහිදී ඇතැම් නිලධාරීන් නිසි පරිදි රාජකාරි සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරීක්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.”
“ටෙලිකොම් මෑන් පවර් සේවකයින් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වැඩවර්ජනයට මමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාත් සහයෝගය ලබාදෙනවා. නීතිමය සහායන් ලබා දෙනවා. මොකද යහපාලන රජය නිර්මාණ කිරීමට ඔවුන් දැඩි කැපවීමක් සිදු කළා” යැයි ද වැඩිදුරටත් සඳහන් කරන ලදී.