එන්න අපි මිනිසා වෙනුවෙන් මනුස්සකම වපුරමු..

මේ සටහන සමාජ ජාලවෙත මුදා හැරියේ නිනී සෙනවිරත්න. සමාජ සත්කාරක මෙහෙවර අතරින් ඉහලින්ම ඉන්න ඈ මේ ඉල්ලා සිටින්නේ තව ජීවිතයකට අත්වැලක්. ඔබ එන්න. මේ පින්කමට හැකි අයුරින් දායක වෙන්න. ඇය මෙන්ම අපිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ මනුස්සකමට පණදෙන්න කියායි. මේ සිය ෆේස්බුක් ගිණුමේ නිනී තැබූ සටහනයි.
”ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්.. සතුට සැනසුම සමබරයි කිව්වට හැමදාම දුක් විදින මිනිස්සු ත් ඉන්නවා. මේ අම්මගෙ පළවෙනි දරුවා මේ විදිහට උපතින්ම ආබාධිත තත්ත්වයක ඉන්නේ. දරුවෙක් එක දවසක් ලෙඩ වුනොත් බලන්න. අම්මා කෙනෙක් කොයිතරම් දුක් විදිනවද..
දරුවා සනීප වෙනකම් මොන තරම් දේවල් කරනවද.. ඒත් කවමදාවත් සනීප කරන්න බැරි තමන්ගෙ කුළුදුල් දරුවා එක්ක ගෙවන අම්මා කෙනෙක් තමයි මේ.
මේ ඉන්නෙ සුජාතා රත්නායක . මේ අම්මා ජීවත් වෙන්නෙ බණ්ඩාරවෙල ට ආසන්න කුරුකුදේ ගමේ. මේ අම්මට තව දරුවො දෙන්නෙක් ඉන්නවා . පාසල් යන දරුවන් . සුජාතා ගේ සැමියා කරන්නෙ කුලී වැඩ.
දරුවාව පෙන්නලා දුක විකුණනවා නෙවෙයි. මේ අම්මට මේ ඉන්න ගෙදරින් යන්න වෙනවා. එිකට හේතුව තමයි මේ ගෙදර නාය යාම් අවධානම් තත්ත්වය මත තියෙන්නෙ. ඒ ලිපි ත් ලග තියෙනවා . අමාරුවෙන් අත්තිවාරම් දාපු අළුත් ගෙදරත් ඒ නාය ගිය කන්දට යට වුනෙ පහුගිය 2014. යන්න එන්න තැනක් හොයා ගන්න බැරිවෙන කොට ආබාධිත පුතා ගේ ඇතුළේ තියල මේ අම්ම තාත්තා කුලී වැඩට ගිහින් තව ගෙයක් හදන්න පටන් ගන්නවා වැල්ලවායේ . අනුන්ගෙ කුඹුරු වල හවුලට හදල සකසුරුවමින් ඒ ගේ හදා ගන්න දැන් අවුරුදු දෙකක් තිස්සෙ මේ දෙපළ වෙහෙස වෙනවා. ඒත් කිසිම දෙයක් කර ගන්න බැරිව යන්නෙ කුලී වැඩ ගොවිතැන් වැඩ පාඩු පිට පාඩු යන නිසා.
එළවළු වගාව ඉඩෝරේටම පිච්චිලා . ජිවිතේ අවිනිශ්චිතයි. මේ අම්මා ඉල්ලන්නෙ එකම එක උදව්වක් විතරයි . ගේ ඉතිරි වැඩ ටික කරගෙන මේ අවධානම් සහිත ඉඩමෙන් අයින් වෙලා දරුවො තුන්දෙනා සුරක්ෂිත වහලක් යටට ගෙනියන්න උදව්වක් . පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇගේ ගිණුම් අංකය පහත තියෙනවා . ඒ ගිණුමට ඔබේ මනුස්සකමේ දායකත්වය දෙන්න.
විස්තර ඕනි නම් 0714407095 (නිනි ටීච)
මවගේ ගිණුම් විස්තරය
037-2-002-4-6535117
R.M. Sujatha
Peoples Bank
Bandarawela Branch
037-2-002-4-6535117
ආර්.එම්.සුජාතා රත්නප්‍රිය
මහජන බැංකුව
බණ්ඩාරවෙල ශාඛාව
ඒ දරුවා හොඳ කරන්න අපට බැරිවෙයි. මහ ලොකු කාලයක් ඉන්නෙ නැතිවෙයි. ඒත් ජිවිතේ පුංචි ම සතුටක් සැපක් හරි විදියි. ආ කවුරු හරි යනවා නම් බලන්න උඩ සඳහන් කළ දුරකථනය අංකයට කතා කරන්න මම පාර කියන්නම්. යනකොට ඉස්පංචි එකක් අරන් යන්න. පුංචි පුතාට ඒ තරම් රස කෑමක් තවත් නැහැ”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *