නාමල් සමඟ මල් තලන්න යළි කට්ටිය සෙට් වෙයි (විශේෂ)

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ යළිත් ඔහුගේ පාදඩ පාහර සහචරයින් සමඟ යළි පාදඩ කාර්යයන් අරඹා ඇතැයි වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරද්දී ඔහුගේ පාලනය තුළ රට තුළ වැඩිම තුච්ඡ පාහර පාදඩ ක්‍රියාවන් සිදුකරන ලද්දේත් මහින්දව ජනතාවට එපා කරවන ලද්දේ ඔහුගේම පුතෙකු යැයි පෙනීයන නාමල් රාජපක්ෂ විසින් බව මහින්ද රාජපක්ෂට ආදරය කළ සහ ආදරය කරන අති බහුතර ජනතාවත් හෘද සාක්ෂියෙන්ම පවසන සත්‍යයයි. ඒ නාමල් රාජපක්ෂ යනු තම පියාගේ බලයට මුවා වී කළ හැකි සෑම පාහර පාදඩ ක්‍රියාවක්ම සිදුකළ එකෙකු නිසාවෙනි.
පියාගේ ජනාධිපති බලයට මුවා වී ඇමතිවරුන්ව පවා තම දෙපතුල ලඟ දණ ගස්වා ගත් පහත් පෙළේ පාදඩයෙකු වූ නරා නොහොත් නාමල් රාජපක්ෂ නිසාවෙන්ම මහින්ද රාජපක්ෂ සහ එම රෙජීමයට අවසානයේ බලය සහ සියලු දේ අහිමි විය. ඒ නාමල් රාජපක්ෂගේ පාදඩ ජීවිතයේ සෙවනැලි වූ පරම්පරා කිහිපයක් අම්මා-අප්පා කොළඹ තුට්ටු දෙකේ තුප්පහි වැඩ කරමින් ගොඩගිය සල්ලිවලින් සෙල්ලක්කාර වූ මිත්‍ර පාපකයින් නිසාය. 2009 යුද ජයග්‍රහණයත් සමඟ උඩ ගිය රාජපක්ෂ පවුලේ කීර්තියත්, බලයත් සමඟ නාමල්ට මුවා වූ රගර් කල්ලියේ මෙම පාදඩ චරිත නාමල්ට සහ රාජපක්ෂ පවුලට සිදුකළ අපරාධය හොඳින්ම දන්නේ රාජපක්ෂලා සමීපයෙන් සහ මදක් දුර සිට ආශ්‍රය කළ අයවලුන් සහ ඔවුන්ගේම සේවකයින්ය.
2015 ජනවාරි 08 පරාජයත් සමඟ ගෙදර ගිය මහින්ද සමඟ අලුත් රංගනයක් සමඟ යළි 2005 නාමල්ගේ චරිතයට යෑමට උත්සහ කළ නාමල්ට යළි එයට යෑමට කිසිදාක නොහැකි බවත්, ඊට කූඩැල්ලන් වූ ඔහුගේ පාප මිත්‍රයින් ඉඩ නොදෙන බවත් පැහැදිලිය.
එසේම නාමල් සහ මහින්ද එදා මෙන් යළි යළිත් තමන්ට ආදරය කරන ‘කොල්ලන්’ ගොනා අන්දවන බව නම් පැහැදිලිය. තමාට ආදරය කරන, කැපවන පිරිස් පෙරහැරේ කොට ඇඳ හම යද්දී, ජනාධිපති කාර්යාලයේ ගොඩනැඟිලි අසල මල් තලමින් වල් උරන හිපියන් නාමල් කරේ තියන් සැපෙන් සතුටින් වැජඹෙන අන්දමයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *