ජනපතිගේ වැඩපිළිවෙළ ජාතික බුද්ධි මණ්ඩලයේ පැසසුමට!

මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි.
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ(31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි.
පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබද පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඥානරතන ස්වාමින් වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පළ කළහ.
විහාරස්ථාන මුල්කරගත් තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.
දහම් පාසල් අධ්‍යාපනය සදහා විෂය මාලාව සංවර්ධනය කිරීම හා ක්‍රමවත් කිරීම පිළිබදව ද අවධානය යොමු වූ අතර අපගේ අනාගත පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීම සදහා දහම්පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ශ්‍රීලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයක් ලෙස ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂුන් වහන්සේලා සදහා දානය පිළියෙළ කරගැනීමට ලිට්රෝ ආයතනය මගින් ලිප් සහිත ගෑස් නළ පද්ධතිය සවිකිරීම හා ගෑස් සිලින්ඩර් ලබාදීමේ වැඩසටහනට අදාළ ලිපිය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු කෙරිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.