අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සදහා ඉඩම් ලබා දීමට යටතේ ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමට පියවර ගැනේ.
මෙ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මේ නිවාස වැඩසටහන ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්) පිහිටුවීමත්, එම කාර්ය ඒකකය වෙත වෙන් කර දෙනු ලබන සියලුම් ඉඩම් සඳහා ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමත් සිදු කෙරේ.
අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ නිවාස 620,000ක් 2019 වසර වන විට ඉදි කිරීමට අපේක්ෂිතය.