රන්ජන්ගෙන් තවත් අභියෝගයක්!

ඉදිරිපත්කර ඇති බොරුව ඔප්පුකර ඇති බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතාට පාර්ලිමේන්තුවේදී අද (07) අභියෝග කළේය.
සිය දේශපාලන හිතවතුන්ට ගල් කැඩීමට අවසර ඉල්ලා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකර ඇති බවත් එය අසත්‍ය බවට සනාථ කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවටත් ඉන්දික අනුරුද්ධ මහතා කළ අභියෝගයට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දික අනුරුද්ධ හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලිපිය කබීර් හෂිම් ඇමතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් අදාළ ලිපිය මඟින් මාර්ගයක් ලබාගැනීමට අපේක්ෂා කර ඇති බවත් රන්රන් රාමනායක මහතා පැවසීය.
එමෙන්ම අදාළ ලිපිය අනුව තම දේශපාලන හිතුවතුන්ට ගල් කැඩීමට අවසර ලබාදෙන ලෙසට කිසිඳු ඉල්ලීමක් කර නොමැති බවත් පෙන්වා දුන්නේය.
තමන් කිසිඳු අවස්ථාවක වරාය නගරයට ගල් කැඩීම සඳහා දේශපාලන හිතවතුන්ට අවසර ලබාදීමට උත්සාහ කර නොමැති බවත් අනුරුද්ධ හේරත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලිපියෙන් එවන් ආකාරයේ කිසිඳු ඉල්ලීමක් තමන් කර නොමැති හෙයින් තමන් ප්‍රකාශ කළ ආකාරයට ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් රාමනායක මහතා අභියෝග කළේය.
ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා හා රන්ජන් රාමනායක මහතා අතර ඇතිවූ මෙම වාදය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව උණුසුම් වූ අතර මෙම තත්ත්වය ඇතිවූයේ ඉඩම් ඇමතිවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට රන්ජන් රාමනායක මහතා පිළිතුරු දීමට නැගී සිටීමත් සමඟය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුව මෙම ප්‍රශ්නයට සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුභසාධන ඇමති රන්ජන් රාමනායක මහතාට පිළිතුරු ලබාදිය නොහැකි බව ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ස්ථාවර නියෝග වල සඳහන් පරිදි අගමැතිවරයාගේ අභිමතය පරිදි ඇමතිවරයා ,නියෝජ්‍ය ඇමතිවරයා නොමැති අවස්ථාවක සභානායක,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, හෝ අගමැතිවරයා නම් කරන මන්ත්‍රීවරයකුට පිළිතුරු ලබාදිය හැකි බවයි.
එමෙන්ම අදාළ ප්‍රශ්නය ගම්පහ දිස්ත්‍රීක්කයේ දිවුලපිටියට අදාළ ප්‍රශ්නයක් බැවින් ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමට නියෝජ්‍ය ඇමතිවරයකුද වන රන්ජන් රාමනායක මහතාට ඉඩ ලබාදුන් බවත් අගමැතිවරයා පැවසීය.
මෙහිදි කතානායක කරූ ජයසූරිය මහතා‍ගේ ස්ථාවරය අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අතර රන්ජන් රාමනායක මහතාද පැහැදිලි කිරීමක් සිදුකළේය.
එහිදි රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ විවිධ ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් දිවුලපි‍ටියේ පස් කියුබ් පන්සියයක් කැපීමට අවසර ලබාගෙන පස් කියුබ් හැට එක්දහසක් කපා දැඩි පරිසර හානියක් සිදුකර ඇති බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *