විෂ සහිත සහල් වර්ගයක් වෙළඳපොලේ..!!

කිසියම් විෂ වර්ගයක් සහිත සහල් තොගයක් ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.
එහි සභාපති අසේල සම්පත් පෙන්වා දෙන්නේ මෙම විෂ සහිත සහල් ආහාරයට ගැනීම මිනිස් ජීවිතවලට ද අවධානමක් බවයි.
මහා පරිමාණ කොමිස් ජාවාරමක් මත මෙම සහල් තොගය ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේ සහල් කල්තබා ගන්න රසායනික ද්‍රව්‍යක් භාවිතා කරලා. කෝ පාරිභෝගික අධිකාරිය මේ ගැන හෙව්වද?. පාරිභෝගික කටයුතු අධිකාරි තියෙන්නේ වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. පාරිභෝගික අධිකාරියෙන් ජනතාවට සේවයක් වෙන්න නම් අධිකාරිය වහාම ජනාධිපතිවරයා යටතට පවරා ගන්න ඕනේ.” යනුවෙනි.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද අදහස් දැක්වූවා.
එහිදී ඔමු පැවසුවේ “මේ හාල්වල කලු ඇට තියෙනවා. කලු ඇට කියන්නෙ හාල් නෙමෙයි. මේ දාපු ඇට වර්ගයක්. වස හාල් වලට සුද්ද කරන්න කලින් අපි දැම්මා ගුල්ලෙක්. විනාඩි 40 ක් පමණ යද්දි ගුල්ලා මැරුණා.ඉතින් මේ හාල් ජනතාව කෑවොත් ජනතාවට මොනවා වෙයිද?.” යනුවෙනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.