'රීඩ් ශ්‍රී ලංකා' අනාවරණය පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු වෙයි!

මාළඹේ කුප්‍රකට වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන නීත්‍යානුකූල නොවන හොර වෛද්‍යවරයකු වන සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් රීඩ් ශ්‍රී ලංකා ප්‍රථමයෙන්ම වාර්තාකරද්දී පැහැදිලිව සඳහන් කර සිටියේ මෙය ‘සයිටම් ලොක්කා විසින් සිදුකළ නාටකයක්’ බවයි.
මෙම කුප්‍රකට සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් නීත්‍යානුකූල නොවන හොර වෛද්‍යවරයකු වන සමිර සේනාරත්නව පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති අතර එහිදී මෙය ඔහුගේම කෝන්ත්‍රාත්තුවක් මත සිදුකර ගත් නාටකයක් බවට තහවුරු කරගෙන ඇතැයි වාර්තාවේ.
මෙහිදී සයිටම් ව්‍යාපාරික කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දුගේ සහචරයා වන සමිර සේනාරත්න විසින් ලක්ෂ ගානක මුදලක් ලබා දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත්, සයිටම් විරෝධී ව්‍යාපාර අපකිර්තීයට පත්කිරීමේ අටියෙන් මෙය සිදුකර ඇතිබවට වාර්තාවේ.
වෙඩි තබාගැනීමේ නාටකයට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙකෙකු ද හඳුනාගෙන තිබෙන අතර ඒ අතර ප‍්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බවට වාර්තාවේ.
ආශ්‍රිත පුවත්: සයිටම් අධ්‍යක්ෂයෙන් රඟදැක්වූ “වෙඩිල්ල” නාටකයේ නළුවා කාටත් හොරෙන් රට පනී (Video)
‘සයිටම් වෙඩිල්ල’ නාටකයේ රට පැන්න සයිටම් නළුවා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.