ඇමරිකාවේදී සුසිල් – ගෝඨා විශේෂ හමුවක්! (Exclusive)

මානව හිමිකම් සමුළුවට සමගාමී කටයුතු සඳහා ඇමරිකාව බලා ගිය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමරිකාවේ ලාස්වේගාස් හිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වී ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
ඊයේ සිදුව ඇති මෙම සුසිල් සහ ගෝඨා අතර හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් විශේෂ පණිවුඩයක්ද පාදක වී ඇතිබවත් සඳහන්. මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය හැකි යුද අපරාධ චෝදනා සහ හයිඩ්‍රිඩ් අධිකරණය බලහත්කාරයෙන් පැටවීමට යාම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභයගෙන් මෙහිදී කරුණු විමසා ඇති බවත් වාර්තාවේ.
එසේම මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වයත්, ඉදිරිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් යනාදී කරුණුද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එලඹෙන 09 වනදා ඇමරිකාවේ සිට යලි ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.