ජාත්‍යන්තරයේ සැබෑ පිළිගැනීම වත්මන් රජයට හිමිවීම ජයග්‍රහණයක්


මෙරට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැමුන් විසින් දේශපාලන වාසී ලබාගැනීමේ අරමුණින් මෙරට තුළ යළි ජාතීවාදය ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර මෙරට සංවර්ධන කටයුතු සඳහා රාජ්‍යයේ මුදල් මෙන්ම රාජ්‍ය නොවන අරමුදල් ද යොදා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට ගල්වැව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *