විමල්ට ඇප නැතිවෙන තවත් නඩුවක්! (විශේෂ)

කෝටි 10කට ආසන්න මහජන මුදල් තම පවුලේ අයවලුන් වෙනුවෙන් කොල්ල කෑම නිසාවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති විමල් වීරවංශ හැකි ඉක්මනින් ඇප ලබාගැනීමේ අරමුණෙන් ආරම්භ කරන ලද සංදර්ශනාත්මක උපවාසය නීතිවිරෝධී බවත් ඒ නිසාවෙන් විමල්ට එරෙහිව තවත් නඩුවක් ගොනුකිරීමේ හැකියාවක් පවතින බව නීතිවේදීහු පෙන්වා දෙති.(මේ පිළිබඳව වන විශ්ලේෂණාත්මක වීඩියෝව පහතින්)
රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට අමාත්‍යවරයෙක් වූ විමල් වීරවංශ එවක තම බලය යොදාගනිමින් තම පවුලේ අයවලුන් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි 10 කට ආසන්න මුදල් අවභාවිතා කොට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් අධිකරණයට පැමිණවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කළ විමල්ට නඩු වාර කිහිපයකින් ඇප නොලැබුණු හෙයින් උපවාසයක් ඇරඹූ විමල් අද(29) බන්ධනාගාරයෙන් ජාතික රෝහලට මාරුවක් ලබාගැනීමට සමත්විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.