බැඳුම්කර කොල්ලය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර නියෝග දුන්බවට වටිනාම සාක්ෂිය ලැබෙයි

බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ.
මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත.
මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරූවීමක් ලබා පැමිණි බවත් මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවත් ඇය පවසා තිබේ.
ආශ්‍රිත පුවත්: බැඳුම්කර සොර දෙටුවෝ තවත් කොල්ලයකට සැරසෙති
බැඳුම්කර වෙන්දේසියේ අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 10 ක් ගිල්ල හැටි හෙළිවෙයි!
කිසිඳු මහ බැංකු අධිපතිවරයෙක් සිදුනොකළ හොරකමක් අර්ජුන් මහේන්ද්‍රන් කරලා
මහ බැංකුවේ පරිගණක පද්ධතියටත් හොරෙන් මිලියන 100 ක් කොල්ල කාලා (විශේෂ)
ජනාධිපති විශේෂ කොමිසම අද මහ බැංකු රහස්‌ අංශයට
බැඳුම්කරේ කළු සල්ලි සුදු කරගන්න දැඩි සටනක

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.