බොරළු ගසන සිපයියා පාර්ලිමේන්තුවෙන් ඉවතට

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බොරළුගොඩ සිංහයා ලෙස නම් දරා තිබුණේ පිලිප් ගුණවර්ධනයන්ය. ඔහුගේ පුත්‍රයා වූණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනය. එහෙත් පියාගේ පරිණන දේශපාලන හැසිරීමට වඩා දිනේෂ්ගේ දේශපාලන හැසිරීම ඒ අහලකින්වත් තැබිය නොහැකි තරමේ පහත් තත්වයේ එකකි.
නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ පදනම් විරහිත කථා සිදුකරමින් වාචාලබවේ උපරිමයෙන් ටකරමකට බොරළු ගසන අන්දමේ හඬින් බෙරිහන් දෙන දිනේෂ් ගුණවර්ධන තම පියාගේ ‘බොරළුගොඩ සිංහයා’ගේ නාමය වෙනුවට ‘බොරළු ගසන සිපයියා’ගේ චරිතයට පණ පොවා ඇත.
එය පසක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වන ලෙස මීට සුළු මොහොතකට කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.
ස්ථාවර නියෝග 74/1 වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී තිබේ. දිනේෂ් ගුණවර්ධන විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

Leave a Reply

Your email address will not be published.