රුපියල ගැන මහ බැංකුව අනතුරු අඟවයි!

විදේශ සංචිත අඩුවීමත් අපේක්ෂිත ආයෝජන අවස්ථා නොලැබීමත් නිසා මේ වර්ෂයේදී විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවට මහ බැංකුව ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ.
පසුගිය 2015 පෙබරවාරි වන විට තිබූ ඇමෙරිකන් ඩොලර් බිලියන 4.53ක විදේශ සංචිත 2016 අවසන් වනවිට ඩොලර් බිලියන 2.60 දක්වා අඩුවී ඇති බවත් එම හේතුව නිසා 2015දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 133.37ක් වුවත් 2017 පෙබරවාරි අවසන් වන විට එය 153.31 දක්වා පහත වැටී ඇති බවත් පෙන්වා දී තිබේ. මේ නිසා ඉදිරියේදී ඩොලර්වලින් ගෙවීමට ඇති ණය සහ පොලී වාරික අතිවිශාල ලෙස වැඩි වන බවත් එමඟින් පෙන්වා දී තිබේ. රුපියල බාල්දුවීම නිසා භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යා හැකි බව පෙන්වා දෙන මහ බැංකුව රුපියල ශක්තිමත් නොවුණොත් ඩොලරයට ගෙවන මුදල රුපියල් 170 දක්වා වැඩිවී රුපියල තවත් බාල්දු විය හැකි බවද අනතුරු අඟවා තිබේ.
එමෙන්ම අපේක්ෂිත විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනද නොලැබීම නිසා ඩොලර් සංචිත තවදුරටත් අඩු විය හැකි බවද අවධාරණය කොට තිබේ. මේ අතර ඩොලර් මිලට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඉකුත් සතියේ එජාප ඇමැතිවරුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දීමක් කළ බවද වාර්තා වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.