ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන ලෙසට නියෝගයක්!

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.
හිටපු තානාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරිය විසින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ එම නියෝගය ලබාදෙනු ලැබුවාය. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නාය. හිටපු තානාපතිවරයා සුවය ලබා ඇත්නම් ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් දන්වා සිටියාය.
අධිකරණයේ නියමය පරිදි ජාලිය වික්‍රමසූරිය මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔහුට වැලඳී ඇති හෘදයාබාධයක් හේතුවෙන් බන්ධනාගාරයේ අධීක්ෂණය යටතේ ඔහු පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහුට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනුකර ඇති චෝදනා වනුයේ තානාපතිවරයාව සිටි කාලය තුළ ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් 3,30,000ක අක්‍රමිකතාවක් සිදුකිරීමයි.
හිටපු තානාපතිවරයා විසින් විදේශගත සමාගමකට බැරකර මුදල් පිළිබඳව සහ එම මුදල් ලංකාවට එවා ඇති දැයි විමර්ශනය කරමින් සිටින බවද හිටපු තානාපතිවරයා විසින් සිදුකරන ලද අයථා ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහ ඇමෙරිකාවේ ජ්ඕධ් ආයතනයේ සහයෝගය ලැබී ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
නඩුව ලබන 17දා යළි කැඳවීමට නියමිතය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.