කටුනායක යළි 24 පැයම විවෘත වෙයි

කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල 100% ක්‌ මේ වන විට නිමකර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පවසයි.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා දිනකට පැය අටක්‌ වසා දැමූ කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපොළ අප්‍රේල් 6 වැනිදා සිට අපි නැවත පැය 24 පුරාම විවෘත කර තබනවා.
ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකර තිබෙන අතර ලෝකයේ ඕනෑම රටක සිට පැමිණෙන ඕනෑම මගී ගුවන්යානයකට කිසිදු බාධාවකින් තොරව කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්‌ස විය හැකි බවද ඇමැතිවරයා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.