හිටපු විශ්‍රාමික ජනාධිපති මෙන්ම වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වූ පරිදි ඔහුගේ දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීමත්, ඒකාබද්ධ විපක්ෂයට ජනතාවට අතර යෑමට නොහැකි වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇතැයි ඉතා විශ්වාසන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මේ නිසා තවදුරටත් නාමල් වෙනුවෙන් තමා දේශපාලනය කිරීමේ පලක් නොමැති බව වටහාගෙන ඇති කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉටුවන පරිදි වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ඔවුන් පවරා දීමටත් ඒ තුළින් තම කීර්තිනාමයත්, පවුලත් ආරක්ෂා කරගැනීමටත් වෙනුවෙන් වූ එකඟතාවකට පැමිණීමේ සූදානමින් පසුවන බවත් වාර්තාවේ.
පසුගිය වසර දෙකක් තුළ තමාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකළ සියළු දේශපාලන රැළි සහ ක්‍රියාකරකම් හි විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කොට කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සැබැවින්ම තමාට සහ තම අනුගාමිකයින්ට සිදුවූ පරිහානියක් මිස ප්‍රගමනයක් නොමැති බව ඒකාබද්ධයේ දේශපාලන කමිටු ප්‍රධානීන්ට පෙන්වා දී ඇත. එසේම මැතිවරණයක් නොමැතිව දිගින් දිගටම විවිධ තේමාපාඨ යටතේ රැලිපවත්වමින් තම අනුගාමිකයින්ට දේශපාලන බලාපොරොත්තු මැවිය නොහැකි බවත්, දිනෙන් දින පිරිස් බලය හීන වී ගොස් ඇතිබවත් මහින්ද රාජපක්ෂ විසින්ම පෙන්වා දී ඇත.
මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සාධාරණ ලෙස ඇමතිකම් ඇතුළු තනතුරු කිහිපයක් ලබාදෙන්නේ නම් තමා දේශපාලනයෙන් නිහඬව ඉවත්වීමට කැමති බවත් ඒ මත පිහිටා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එතුමාගේ පාර්ශවය සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමටත් උපදෙස් ලබාදී ඇත.
එසේම ඒකාබද්ධයට සම්බන්ධ අනෙකුත් සුළු පක්ෂ සහ කණ්ඩායම් වලට යළි එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධාන ගත වීමට කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති අතර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ගද සිදුකරදීමට එකඟ වී ඇත.
කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වාර්තාකරුවන් පවසන පරිදි පසුගියදා සිංගප්පුරුවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය 70 හැවිරිදි විය ඉක්මවූ ඒ මහතාට වෛද්‍යවරු උපදෙස් දී ඇත්තේ හැකිතරම් විවේක සුවයෙන් ලබා දී ඇති ප්‍රතිකාර නිසි පරිදි ගන්නා ලෙසයි. මෙයද මහින්ද විසින් ගනුලබන මෙම දේශපාලන තීරණයට ලබපා ඇති බව වැඩිදුරටත් සඳහන්.
Best is to retire for life as advised . please donot continue to to engage in criticizinng others and give up yup further hoarding of unde wealth. and bragging about yourprevious stinking governasnca with acorrupt money makina cabinet. afew of your henchmen who made billions are languishing in remand prisons some times without lawyers support for casesfull of frauds, the prime original cause is you know WHO? Summon your creations and admonish them regarrding how to lead peaceful worthwle transparent lives bereft of cheating lies extravagance. immorality and fraud misusing public money.Your cheerio to politics is a long awaited step and is definitely most welcome at you doddering senility..Better leave forever without intrigue, false hood and further vengiance and malice to none,though an extremely difficullt move on your part.with a life of limitless craving.
bohama hoda theranayak..
Ithuru horu tikada denna yanne.