සී.බී.ගෙන් පැය 4 ක්‌ ප්‍රශ්න කරයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ උත්සවයක්‌ සංවිධානය කිරීමෙන් සහ දක්‌ෂිණ අධිවේගී මාර්ගයට මාර්ග බලපත්‍ර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක්‌ පාඩු කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාගෙන් ඊයේ (13) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න කර ඇත.
හිටපු අමාත්‍යවරයා ඊයේ පස්‌වරු 10 ට පමණ පැමිණ සවස 2.00 පමණ වනතෙක්‌ ප්‍රකාශය ලබාදී පිටව ගිය බව එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ‘දිවයින’ට පැවැසීය.
හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ (2014 දෙසැම්බර් 06) ශාලිකා ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයක්‌ සඳහා බස්‌රථ මගින් ජනතාව ගෙන්වා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට රුපියල් ලක්‌ෂ 81 ක්‌ නොගෙවීම සහ දක්‌ෂිණ අධිවේගී මාර්ගයට අමාත්‍ය මණ්‌ඩල කමිටු වාර්තාවට පිටින් බස්‌රථ 56 ක්‌ සඳහා මාර්ග බලපත්‍ර ලබාදී රජයට රුපියල් කෝටි 05 ක පමණ මුදලක්‌ අහිමි කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද එම නිලධාරියා තවදුරටත් කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.