රාජපක්ෂ රෙජීමයේ කෝටි ප්‍රකෝටි කොල්ලකෑම් ගැන විමර්ශන ලිපිගොනු නීතිපති අතට

පසුගිය වසරකට අධික කාලයක් පුරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයට භාජනය කරන ලද රුපියල් කෝටි දසදහසකට වඩා වටිනාකමකින් යුත් වංචා විශාල ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ වාර්තා අතරින් පරීක්ෂණ අවසන් කළ වාර්තා හැටකට අධික ප්‍රමාණයක ලිපිගොනු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ.
පසුගිය කාලයේ රජයේ රුපියල් කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කරමින් විවිධ ආකාරයෙන් පෞද්ගලික පරිහරණ සඳහා යොදා ගනිමින් සිදුකළ මහා පරිමාණ වංචා වීශාල ප්‍රමාණයන් මේ අතර වෙයි.
ඒවා අතරින් පසුගිය කාලයේ ජනාධිපති කාර්යාලයේ වාහන මුදල් සහ වෙනත් දේපළ අනිසි ලෙස භාවිතා කිරීමට අදාළ වාර්තාද ජනාධිපති කාර්යාලයේ මුවාවෙන් සිදු කළ තවත් වංචා රැසකට අදාළ පරීක්ෂණ වාර්තා, හිටපු දේශපාලනඥයන්, අමාත්‍යංශ ලේකම්වරු, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු විවිධ තරාතිරමේ නිලධාරින් ඔවුන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලද රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ රැසක්ද මේ අතර වෙයි. මේ සෑම පැමිණිල්ලක්ම රුපියල් කෝටි 05 ඉක්මවා ගිය ඒවා බවද අනාවරණය වෙයි.
මේ පරීක්ෂණ සිදු කිරීමේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට එම පරීක්ෂණවලට අදාළ පැමිණිලිවලින් ඉදිරිපත් කර ඇති තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අදාළ ආයතන වෙත ගොස් පරීක්ෂණවලට තොරතුරු ලබා ගැනීමේදී එම තොරතුරු අදාළ ආයතනවල නිලධාරීන් විසින් පරීක්ෂණවලට ලබා නොදි සඟවා තැබීමට උත්සාහ කිරීම නිසා දැඩි පීඩාවකට පත්වීමට සිදු වී ඇත.
කෙසේ වෙතත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ පැමිණිලිවලින් ඉදිරිපත් කර ඇති තොරතුරුවලටත් වඩා වැඩි මහා පරිමාණ වංචා පවා සොයාගෙන ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවලට නීතිපති උපදෙස් ලැබෙන තෙක් මේ වනවිට බලා සිටින අතර කඩිනමින් එම නීතිපති උපදෙස් ලැබෙන්නේ නම් ඔවුන්ගේ පරීක්ෂණවලට අදාළ කටයුතු අවසන් කළ හැකි බවද කියා සිටියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

Leave a Reply

Your email address will not be published.