මහින්ද ගැසූ අතේ රෝල ජීනිවා වලදී පත්තුවෙයි! (විශේෂ)

සිවිල් යුද්ධයක් අවසානේ අදාල රට මගින් ධවල පති‍්‍රකාවක් ජාත්‍යන්තරයට නිකුත් කිරීම සාමාන්‍ය සිරිතකි. ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවන රාජ්‍යයකට මෙවැන්නක් අත්‍යාවශ්‍ය. එහෙත් 2009 මැයි 19 වැනිදායින් පසු අපේ රටේ එවැන්නක් සිදු වූයේ නැත.
“ශී‍්‍ර ලංකා රජය දැන්වත් වහාම ධවල පති‍්‍රකාවක් නිකුත් කල යුතුයි. 2009 මැයි මාසෙ එවැන්නක් කරන්න කියලා එ් අයට කීවා. එදා එ්ක කලානම් මේ විදියට චෝදනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.” මහාචාර්ය රොහාන් ගුණරත්න යුධ කටයුතු පිළිබඳ විශේෂඥ (24/4/2011 මාධ්‍ය)
විශේෂඥ උපදෙස් එතරම් ගනන් ගන්නා පාටක් අපේ රටේ දක්නට නොලැබේ. මේ රටේ සමහර දේශපාලඥ සිතාගෙන සිටින්නේ තමන් සියල්ලම දන්නවා කියලාය. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි. එදා යුද්ධය අවසන් වීමත් සමඟම ශී‍්‍ර ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කීං මූං සමඟ එ්කාබද්ධ නිවේදනයකට අත්සන් තැබීමය.
“ජාත්‍යන්තර බැදීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුව ශී‍්‍ර ලංකාව තුල මානව හිමකම් ප‍්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට ශී‍්‍ර ලංකාව බැඳී සිටින බව ප‍්‍රකාශ කරමි.”
මෙහිදී එක්සත් ජාතීන්ගේ මහාලේකම්වරයා අන්තර් ජාතික මානව හිමිකම් හා මානුෂීය අයිතීන් පිළිබඳ නීතිරීති උල්ලංගනය වීම් පිළිබඳව සොයා බැලීමේ ක‍්‍රමවේදයක අවශ්‍යතාවය අවධාරණය කළේය. ශී‍්‍ර ලංකා ආණ්ඩුව එ් සඳහා අවශ්‍ය පියවර ගැනීමට එකඟ විය. මානුෂීය මෙහෙයුම අවසානයේ සිදු වූ කාරනා සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමට හා කල්පවත්නා සාමයක් වෙනුවෙන් දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම ආදී කාරනා ගැන ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරය සමඟ ගැට ගැසෙන්නේ මේ එ්කාබද්ධ නිවේදනයත් සමඟය. එදා ධවල පති‍්‍රකාවක් ඉදිරිපත් නොකිරීමේ අඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිමසා ගන්නේ මේ එ්කාබද්ධ ප‍්‍රකාශයෙන් බව පෙනේ. මෙමඟින් ශී‍්‍ර ලංකාව රටක් ලෙසින් වගවීමේ කි‍්‍රයාවලියක් උදෙසා ජාත්‍යන්තරය සමඟ ගැට ගැසේ.
පසු කලෙක දරුස්මාන් කමිටුව පත්වන්නේ ද ඊට සමගාමීම උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂම පිහිටුවීමට ශී‍්‍ර ලංකාවට සිදු වන්නේ ද මෙම එ්කාබද්ධ නිවේදනයේ අඩංගු කාරනා ඉටු කිරීම ප‍්‍රමාදවන විට සිදු වන ජාත්‍යන්තර බලපෑමට එකඟවය. අවසානේ දරුස්මාන් වාර්තාව රට හමුවේ ප‍්‍රතික්ෂේප කරන රාජපක්ෂ රජය රටට හොරා එක්සත් ජාතීන්ගේ මහා ලේකම්ට හොර ලියුම් ලියා එය අනියමින් පිළිගන්නා බව පෙනේ. එය ජාත්‍යන්තර බලපෑමට හා එදා වේල පිළිවෙතට අනුව බව පැහැදිලිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත පාලිත ටී කොහොන 2010/12/18 හා 2010/12/20 දින මහාලේකම්වරයාට යැවූ රටට සැඟවූ ලිපි දෙක මඟින් දරුස්මාන් කමිටුවේ වලංගුබාවය පිළිගෙන තිබේ. එදා සිටි විදේශ අමාත්‍ය මහාචාර්ය පී. එල්. පීරිස් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි බෑන් කීන් මූංට රටට හොරා ලියා දන්වන්නේ කුමක්ද? ”ගරු ජනාධිපතිතුමා ඔහුට (ජී. එල්ට) නියෝග කර පැවසුවාලූ. ඉතාමත් සාර්ථක විදියට වැඩ කටයුත්ත (දරුස්මාන් වාර්තාව) නිමා කිරීම ගැන බෑන් කීං මූං මැතුතුමාට ස්තූති කරලා යවන්න කියලා.” මේ සාර්ථකව නිමා කල කාර්ය කුමක්ද? අපේ රටේ හමුදාවේ කාට හරි විරුද්ධව යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම පියවර ගැනීමට හැකිවන පරිදි දරුස්මාන් ලවා වාර්තාවක් සකස් කිරීම පිළිබඳවය. හිටපු විදේශ ඇමතිවරයා මහාලේකම්වරයාට ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූති කරන්නේ එය ඉතා සාර්ථකව ඉටු කිරීම පිළිබඳවය.
එදා සිටි පාලකයන් දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් මෙසේ බෑන් කී. මූංට හොර ලියුම් ලියන්නේ එම වාර්තාවට එරෙහිවම අහිංසක ජනයා පාරටගෙන දේශපේමී සටන් පාඨ වපුරන ගමන්ය. අපේ රටේ කාට හෝ එරෙහිව යුධ අපරාධ චෝදනාවක් ඉදිරිපත් වුව හොත් එය ඉදිරිපත් වන්නේ මේ ලිපි මඟින් රටක් ලෙසින් අප ලබාදෙන ලද එකඟතාවය හා අනුග‍්‍රහය යටතේය. එහෙත් එදා මේ රටේ පොදු ජනතාවට මේ කිසිවක් නිවැරදිව දැනගෙන සිටියේ නැත. ව්‍යාජ දේශපේ‍්‍රමයේ අයිසින් තට්ටුවකින් සියල්ල වසා තබා ගැනීමට ඔවුහු සමත් වූහ.
“අපේ රණ විරුවන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර දංගෙඩියට ගෙන යන්න ඉඩ තබන්නේ නැහැ. යනුවෙන් එදා කෑමොර දුන් අයම පස්ස දොරෙන් එක්සත් ජාතීන්ගේ හිටපු මහාලේකම් බෑන් කීං මූං සමඟ ගනුදෙනු කල මෝඩ ආකාරය මින් පැහැදිලි වේ. එසේ නම් මහා දේශපේ‍්‍රමී සළුපිලි පැලද ඔවුන් මුලා කලේ නැතිනම් ගොනාට ඇන්ද වීමට සූදානම් වූයේ කවුරුන්දැයි අවබෝධකර ගැනීමට කිසිවෙකුට මහ මොලයක් අවශ්‍ය නොවේ. අපේ රටේ දේශපාලනයේ හැටි මෙහෙමය. යථාර්ථය සඟවා ඕනෑම මොහොතක පටු ජාතිවාදි දේශපේ‍්‍රමය සමඟ දේශපාලනය කිරීමටත්, වැරදුන තැන හොර රහසේම ජාත්‍යන්තරය අභියස දෙකට නැමීමටත් අපේ රටේ දේශපාලනය කරන බොහෝ අයට කිසිදු හිරකිතක් නොමැත.
ප‍්‍රමාද වී උගත්පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම පිහිටුවා අවසානේ එම වාර්තාව හමස් පෙට්ටියට දමන්නේත්, අවසානේ හොරෙන් දරුස්මාන් වාර්තාව පිළිගන්නේත් මෙවන් වැරදි දේශපාලන ගමනක ප‍්‍රතිඵලයක් වශයෙනි. මීට මෛතී‍්‍ර රනිල් රජය වග කිවයුතු නැත. එහෙත් 2015 ජනවාරි 8 වැනිදායින් පසු අදාල ජාත්‍යන්තර වගකීම බාර ගැනීමට සිදු වී තිබෙන්නේ වත්මන් රජය යටතේ මෛතී‍්‍ර පාලනයටය. වන්නි හත් පත්තුවේ, දඹානේ හෝ රතුගල ආදීවාසීන්ට බොරුකියන ආකාරයට. අපේ රටේ දේශපාලඥයින්ට ජාත්‍යන්තරය රැුවටිය නොහැකිය. ඊට හේතුව අපම ඇතුලත් ජාත්‍යන්තරය තුළ ශී‍්‍ර ලංකාව කුඩා රටක් වීම නිසාය. එ් නිසා මහඑවුන් කරන මානව හිමිකම් උල්ලංගනය විම් ගැන රටට කියා ජනතාව මුලා කලත් අපට බේරීමක් නම් නැත. වරද්දා ගන්නේ නැතුව කුමක් හෝ සාධාරණව ඉටුකල යුතුය.
2009 මැටි 23 වැනිදා අත්සන් තැබූ එ්කාබද්ධ නිවේදනයෙන් අප පොරොන්දු වූයේ කුමක්ද? විශේෂයෙන්ම යුද්ධය අවසාන සමයේ සිදු වූ යුධ අපරාධ මානව හිමිකම් උල්ලංඝනය වීම, පිළිබ`ද පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන බවයි. උගත් පාඩම් කොමිසම පත් වන්නේ එ් ස`දහාය. පසු කලෙක මැක්ස්මල් පරනගම කොමිෂම පත් කිරීමට රාජපක්‍ෂ ආණ්ඩුවට සිදු වන්නේ අපට එරෙහි ජාත්‍යන්තර තෙරපීමේ ප‍්‍රතිපලයක් වශයෙනි. ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගිවන යුධ අපරාධ විමර්ශන අධිකරනයක් වඩා හොඳ යැයි ප‍්‍රතමවරට යෝජනා කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් නොවේ. රාජපක්‍ෂ රජය පත්කල මැක්ස්වල් පරනගම කොමිසම මගිනි. මේ සඳහා පිහිටු වීමට යන්නේ තනිකරම දේශීය යාන්ත‍්‍රණයක් නම් විදේශීය විනිසුරන් නිරීක්‍ෂකයන් ලෙස සහභාගිකර ගැනීම උනන්දු කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ. රාජපක්‍ෂ රජය මඟින් මැක්ස්වල් පරනගම කොමිසමේ උපදේශකවරයෙක් ලෙසින් පත් කරනු ලැබූ ශී‍්‍රමත් ඩෙස්මන් ද සිල්වා සඳහන් කරන්නේ ”යුක්තිය පසිදලන බව පෙනී යෑමට නම් අභිචෝදකයන් සහ විනිසුරන් සියල්ලම බැහැරින් පැමිණිය යුතුය.” යන්නය මේ නිසා මානව හිමිකම් කොමිසමේ ප‍්‍රධානියා දෙමුහුණු අධිකරණ කි‍්‍රයාවලිය සොයාගන්නේ මැක්ස්වල් පරනගම කොමිෂමෙන් දැයි කියන්න දන්නේ නැත. මේ ඉතිහාසය අද බොහෝ අයට අමතකය. සමහර ස්වාමීන් වහන්සේලාටද අමතකය.
විටෙක සටකපට ලෙස මගහරිමින් ද තවත් විටෙක මෝඩ ලෙසින් අහුවෙමින්ද වසර ගනනාවක් තිස්සේ විවාදවෙමින් පැවැති ජාත්‍යන්තර මැදිහත් වීමක් සහිත වගවීමේ කි‍්‍රයාවලියක් මගහැර යෑමට මේ වන විට වත්මන් පාලනයට හැකියාවක් නැත. එහෙත් ජීනීවා යෝජනාවේ දෙමුහුණ් අධිකරණයක් ඉදිරියට අපේ චෝදනාලාභී හමුදා නිලධාරීන් වෙත්නම් ඔවුන් ගෙනයාම ජනාධිපති මෛතී‍්‍ර විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. එ් සඳහා විවෘතවම අදහස් පලකිරීමටත් රහසේ එකඟ නොවීමටත් කොන්දක් තිබීම ප‍්‍රසංසනීයය.
එදා මෙවන් අර්බුදයකදී ද. අපි‍්‍රකාව ගනු ලැබුවේ අපට වඩා ප‍්‍රසස්ත මෙන්ම ප‍්‍රාඥාගෝචර කි‍්‍රයාදාමයකි. ඔවුහු ප‍්‍රතමයෙන්ම ධවල පති‍්‍රකාවක් මඟින් සිවිල් යුද්ධයේ ස්වරූපය නිවැරදිව ජාත්‍යන්තරයට පැහැදිලි කලහ. එමඟින් සත්‍ය කොමිසම ද යෝජනා කල බව දැනගැනීමට තිබේ. සත්‍ය කොමිෂමෙන් අනතුරුව අධිකරණමය කි‍්‍රයාදාමය යෝජනා විය. ජාත්‍යන්තරය ක‍්‍රමානූකුල එම වැඩසටහනට සහාය දක්වන තැනට අවතීර්ණ වූහ. අවසානේ සත්‍ය කොමිසම ඉදිරියේ යුද්ධයට සහභාගි වූ දෙපිරිසේම හමුදා ප‍්‍රධානීන් කලකී දෑ වැරදි අඩුපාඩු හා අපරාධ සම්බන්ධයෙන් පාපෝච්චාරණයක යෙදින. සිදු වූ සමහර කාරනා සම්බන්ධයෙන් කනගාටුව ප‍්‍රකාශ කලහ. මෙහිදී එකිනෙකා හැඬු කදුලින් සිප වැලඳගෙන ආචාර්ය සමාචාර කල බව සඳහන් වේ. සත්‍ය කොමිසම අවසානේ අධිකරණමය කි‍්‍රයාදාමයකට යෑම අවශ්‍ය නොවීය. මීට අනුරූපවන අයුරින් සාර්ථක මෙන්ම නිර්මාණශීලී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගනු ලැබීය. වගවීමේ කි‍්‍රයාවලිය එතැනින් අවසන් විය.
ප‍්‍රමාද වී හෝ ද. අපි‍්‍රකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා ශී‍්‍ර ලංකා රජයේ ආරාධනයෙන් ශී‍්‍ර ලංකාවට පැමිණියේ මේ දැකීම් බෙදා හදාගෙන ද. අපි‍්‍රකාව ශී‍්‍ර ලංකාවේ සහායට මැදිහත් කරුවෙකු ලෙසින් සහාය වීම පෙරදැරි කරගෙනය. එහෙත් ඔහු ආපසු යන්න ගියේ හිස් අතිනි. එදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අනුව රම්පෝසා සංචාරයකයෙකි. ද. අපි‍්‍රකානු කොංග‍්‍රසය හා සුදු පාලනය අතර සාකච්ඡුා කි‍්‍රයාවලියේ මැදිහත් කරුවෙකු ලෙස කටයුතුකල සිරිල් රම්පෝසා ද. අපි‍්‍රකාවේ ප‍්‍රබල චරිතයෙකි. එහෙත් අවසානේ ද. අපි‍්‍රකාවේ මැදිහත් වීමද නිස්පල විය. මෙහිදී රම්පෝසා නියෝජනය කළේ ද. අපි‍්‍රකානු ජනාධපති පේකෝබ් සුමාය. එදා ද. අපි‍්‍රකාව මැදිහත් කරුවෙකු ලෙසින් කටයුතු කලේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂමට ඇමරිකානු යෝජනා ප‍්‍රබල ලෙසින් වසරින් වසර ඉදිරිපත් නොවීමටද මේ තත්ත්වය වෙනස් වීමටද ඉඩ තිබුණි.
වත්මන් රජය බලයට පත්වන විට ජිනීවා හිරවීම නිර්මාණය වී තිබුණේ මෙවන් රටට අවාසිදායක පසුබිමකය. 2015 ජනවාරි 8 වැනිදා ජයග‍්‍රහනය සමඟින් ජනාධපති මෛතී‍්‍ර මේ සියල්ල රටට වාසිදායක අයුරින් වෙනස් කර ගැනීමට තවමත් සමත්ව සිටී. ශී‍්‍ර ලංකා ඇමරිකා එ්කාබද්ධ යෝජනාව ඉදිරිපත් වන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ජිනීවා නුවරදී එහි යම් යම් වෙනස් කම් සිදු වුවද දෙමුහුන් අධිකරණයට එරෙහි දේශීය අධිකරණයක් පිළිබඳ ඔහුගේ ස්ථාවරය පැහැදිලිය. නිරවුල්ය. එය වෙනස් වන්නේ නැත.
මේ වන විට ජනාධිපති අගමැති යන දෙපලම දෙමුහුණු අධිකරණයකට එරෙහිව එකම ස්ථාවරයක පසුවේ. රටක අවංක බාවය අභියස මේ කිසිවක් ගලේ කෙටූ ලෙසින් ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය නොවන බව ඉදිරියේදී පැහැදිලි වනු ඇත. එසේම ජිනිවා බලධාරීහු වත්මන් ශී‍්‍ර ලංකාවේ වග වීමේ කි‍්‍රයාදාමය සම්බන්ධයෙන් නම්‍යශීලීව කල්පනා කරන බව පෙනේ. ශී‍්‍ර ලංකාවට මේ සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීමට ඔවුහු මේ දිනවල සූදානම් වෙති. එ් පිළිබඳව යෝජනාව ගෙන එනු ලබන්නේ එදා අපට එරෙහිව කටයුතු කල මහා බි‍්‍රතාන්‍යය වීමෙන්ම වෙනසක පෙරළිය පැහැදිලිය.
මේ අතර පසුගිය පාලනයට දොස් කියමින් කිසිවක් නොකර රටක් වශයෙන් අපට පැවතීමක් නොමැත. ජිනීවා ජාත්‍යන්තරයේ බලපෑමෙන් තොරව වුවද දැනට යෝජනා වී ඇති සමහර කාරනා රටක් වශයෙන් ගත් කල අපට වැදගත්ය. උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ද සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම, අධිආරක්ෂිත කලාප සතු සමහර ගම්බිම් නිදහසේ කිරීම ඇතුළු වගවීමේ කාරනා රටක් ලෙසින් අපට වැදගත් නොවේ යැයි තර්ක කල හැක්කේ නරුමවාදී මෙන්ම අවස්ථාවාදී දේශපාලනයකට පමණි.
-වසන්ත ප්‍රිය රාමනායක-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *