සයිටම් විරෝධයට ආණ්ඩුවෙන් කඳුළු ගෑස්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය හා වෛද්‍ය සිසුන් ඒaකාබද්ධව ඊයේ (13) දහවල් කොළඹ, කොටුව වෙත පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ ගත් අතර ලෝටස්‌ පාරේදී පොලිසිය විසින් ඔවුනට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ එල්ල කරන ලදී.
ලෝටස් වටරවුම අසළ පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සහ කිරීමත් සමඟ ‍මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අතර එක් සිසුවකුද පොලිස් අත්අ‍ඩංගුවට පත් විය.
මෙම පාගමනට එරෙහිව කොටුව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබු සාමකාමීව හා මහජනතාවට හිරිහැර නොවන ලෙස සිදු කරන ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු නොවන ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.