‘සයිටම්’ ගැන රජය තීන්දුවකට නාවොත් වැඩ වර්ජන රැල්ලක්!

රාජපක්ෂ ආණ්ඩුවෙන් ජනගත කර මෛත්‍රි රනිල් ආණ්ඩුවෙන් කිරි පොවමින් සිටින “සයිටම්” ආයතනය සම්බන්ධයෙන් රජය තීන්දුවක් නොගතහොත් ලබන සතියේ මහා වෘත්තීය සමිති වැඩ වර්ජනයක් හරහා නොනවතින වෘත්තීය සමිති රැල්ලක් ක්‍රියාත්මක විය හැකි බවට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි.
තමන්ට ඡන්දය දුන්නේ මේ රටේ ජනතාවද නැති නම් “සයිටම්” මුදලාලිද කියලා හිතන්නේ නැතිව ආණ්ඩුව කටයුතු කිරීම නිසා අද වෛද්‍ය විද්‍යාල හා රෝහල් කඩා වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක ඊයේ (29දා) වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
“සයිටම්” ප්‍රශ්නයට විසඳුම් ලබා නොදෙමින් ආණ්ඩුව කල්මරමින් සිටින තත්ත්වයකට පත්ව තිබෙන බවත් මේ ප්‍රශ්නයට අතරමඟ විසඳුම් නැති අතර එකම විසඳුම “සයිටම්” අහෝසි කිරීම බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක අවධාරණය කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.