මහින්ද සිදුකළ තවත් කෝටි දහස් ගණනක මගඩියක් එළියට

කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පසුගිය ආණ්‌ඩුව සමයේ මාස පහක්‌ තුළ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ නියෝග මත සතොස විසින් සහල් මෙටි්‍රක්‌ ටොන් දෙලක්‍ෂ පනස්‌ හත්දහස්‌ පන්සිය අනූනවයක්‌ ආනයනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 1515 කට අධික අලාභයක්‌ සිදුව ඇතැයි පසුගියදා (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්) වාර්තාවේ සඳහන් වේ.සීමාසහිත ලංකා සතොස විසින් 2014 සැප්තැම්බර් සහ 2015 පෙබරවාරි දක්‌වා කාලය තුළ සිදු කළ සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධව මෙම කෝප් වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
එම අවස්‌ථාවේ තිබු සහල් අවශ්‍යතාවය මත සහල් මෙටි්‍රක්‌ ටොන් පන්දහස බැගින් අවස්‌ථා කිහිපයකදී මෙටි්‍රක්‌ ටොන් පනස්‌ දහසක්‌ පමණක්‌ ආනයනය කිරීමට කැබිනට්‌ අනුමැතිය ලබා දුන්නද නිසි අනුමැතියකින් තොරව රුපියල් කෝටි 1165 කට ආසන්න මුදලක්‌ ගෙවා සහල් මෙටි්‍රක්‌ ටොන් එක්‌ලක්‍ෂ අසූ දෙදහස්‌ පන්සිය හතළිස්‌ අටක්‌ ලංකා සතොස ආයතනය ගෙන්වා ඇතැයිද කෝප් වාර්තාවේ දැක්‌වේ.
මෙසේ ගෙන් වූ සහල් ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා කිරීම සඳහා රුපියල් ලක්‍ෂ පනස්‌ තුනක්‌ද, පෞද්ගලික ගබඩා පහසුකම් සඳහා රුපියල් විසි කෝටි අසූ ලක්‍ෂයක්‌ද ප්‍රමාද ගාස්‌තු ලෙස රේගුවට සහ වරාය අධිකාරියට රුපියල් එකසිය හැට හතර කෝටි හතළිස්‌ හත්ලක්‍ෂයක්‌ද, එකී සහල් ධුමායනය කිරීම සඳහා රුපියල් කෝටි එකහමාරක්‌ද වැය කර ඇති අතර ආනයනික සහල් සහන මිලට විකිණීම නිසා රුපියල් දෙසිය තිස්‌ පන් කෝටි අසූ හත් ලක්‍ෂයක අලාභයක්‌ද සිදුව ඇතැයි කෝප් වාර්තාවේ සඳහන්ය.
රජයට මෙසේ අලාභ සිදු කරමින් සහල් ආනයනය කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට සහ එම සහල් ආනයනය කළ නිලධාරීන්ට නීතිය මගින් දඬුවම් ලබා දෙන ලෙස කෝප් කමිටුව සිය නිගමනය ලබා දෙමින් කියා සිටී.
මෙම කෝප් වාර්තාව සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස්‌ දක්‌වන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.