අවුරුදු උත්සවයට වෙන් කළ මුදල් විපතට පත් මීතොටමුල්ලට

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මඟින් ඉදිරි දිනවල පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සව අවලංගු කරමින් ඒ සඳහා වියදම් කිරීමට සැලසුම්කර තිබූ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් මීතොටමුල්ල ප්‍රදේශයේ විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය හා විපතට පත්ව අවතැන් වූවන් වෙනුවෙන් අමාත්‍යාංශයේ සාතිශය සංවේගය පළකර සිටින අතර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සිය අමාත්‍යාංශ සුබසාධක සංගම් නියෝජිතයන් සමඟ ඊයේ (17දා) පැවැති සාකච්ඡාවකදී ඉහත තීරණය ගත් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.