වෛද්‍ය වර්ජනයට සමගාමීව රාජ්‍ය, පෞද්ගලික ආයතන ඉදිරිපිට විරෝධතා රැසක්

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණ පහක් මුල් කරගනිමින් වෛද්‍යවරුන් අද (07) ආරම්භ කර ඇති වර්ජනයට සමගාමීව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ග රැසක් හෙට දින ක්‍රියාත්මක කිරිමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරන, රෝගී ජීවිත අනතුරේ හෙලන, සයිටම් වසා දමනු, පෙත්සම අත්සන් කිරීම අද දහවල් 12.00ට රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදීත් ලංකා තැපැල් සේවා සංගමය මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදීත් සිදු කිරිමට නියමිත බව එම සංගම් සඳහන් කරයි.
එමෙන්ම පෞද්ගලික ආයතන රැසක් ඉදිරිපිටදී හෙට දින සයිටම් විරෝධී ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කර ඇතැයි අන්තර් සමාගම් සේකය සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.