ආපදාවට පත් ස්ථානය නැරඹීමට යාමෙන් වළකින්න

කොළඹ කොළොන්නාව ප‍්‍රදේශයේ සිදුවී ඇති හදිසි ආපදා තත්ත්වය තුළ එහි ජනතාව පිළිබඳව රජයේ ක්ෂණික අවධානය යොමු වී ඇත.
ආපදාවට ලක්වූ ජනතාවට සහන සැළසීමට හා ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහාත්, විපතට පත්වූවන් ඉන් මුදාගැනීම සඳහාත් ඒකාබද්ධව කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට සහ ආපදා කළමනාකරණ අංශය වෙත උපදෙස් දී තිබේ.
එමෙන්ම සිද්ධිය වූ අවට සහ ප‍්‍රදේශයේ ජනතාවගෙන් රජය ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසය. එම ස්ථානය නැරඹීමට යාම සිද්ධිය වූ ස්ථානයේ ජනතාවට කරනු ලබන බලවත් හිරිහැරයක් සහ හිංසාවක් බැවින්, එම ප‍්‍රදේශය නැරඹීමට යාමෙන් වළකින ලෙස රජය තදින් ඉල්ලා සිටි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.