හිරුණිකාට එරෙහි නඩුව තවත් මාස 07කින් කල්යයි

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු අධි චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය තවත් මාස 07කින් කල්තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (26) එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර තිබේ.
එම නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වීමට නියමිතව තිබිණි.
2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ නඩුව පවරා ඇත.
නඩුවේ පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් 08 දෙනා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර පළමු විත්තිකරු දැඩි ලෙස රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව අනාවරණය වීම නිසා සාක්ෂි විභාගය කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට එහිදී නියෝග කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.