කටුනායක මෙහෙයුම් යළි හෙට සිට

ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ හෙට(06) දහවල් 12.30 සිට පුරුදු පරිදි සිය මෙහෙයුම් කටයුතු අරඹයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක්‌ අබේසිංහ යන මහත්වරු හෙට මෙහෙයුම් කටයුතු සඳහා ධාවන පථය විවෘත කිරීමේ සංඥව ලබා දෙති.
ප්‍රතිසංස්‌කරණවලින් පසු කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන පළමු යානය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් ආයතනයට අලුතින් මිලදී ගත් UL 1162 දරන ගුවන් යානයයි.ධාවන පථය ප්‍රතිසංස්‌කරණයට රුපියල් මිලියන 50 ක්‌ වැය වී ඇති අතර මීටර් 60 ක පළලකින් යුතු වූ ධාවන පථය මීටර් 75 දක්‌වා වැඩි කර ඇත. ඊට අමතරව එල්. ඊ. ඩී. විදුලි බල්බ ධාවන පථයේ ආලෝක පද්ධතියට එක්‌ කර තිබීම බල ශක්‌තිය ඉතිරි කිරීමක්‌ බවද ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.