මහින්දගේ කතා සටන් පාඨ විතරයි

ආණ්‌ඩුව ජිනීවාහී දී රණවිරුවන් සහ රට පාවාදී ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් කරනු ලබන චෝදනාව ප්‍රතික්‌ෂේප කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය විපක්‍ෂයේ සටන් පාඨයක්‌ පමණක්‌ යෑයිද ඔහු කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ
(31 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් රජය රට සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවද, කිසිවිටකත් විදෙස්‌ විනිසුරුවන් මෙරටට ගෙන්වන්නේ නැතැයිද මහින්ද සමරසිංහ මහතා කීවේය.
ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදය පරාජය කරමින් රටේ ස්‌ථාවර භාවය ඇති කළේ ජීවිත රැසක්‌ පරිත්‍යාග කරමින් බව කී සමරසිංහ මහතා මේ රටේ යළිත් අන්තවාදයකට ඉඩ නොතබන බවද සඳහන් කළේය.
මෙරටට ජාත්‍යන්තර විනිසුරුවන් ගෙනාවේ පසුගිය රජය යෑයි කී මහින්ද සමරසිංහ මහතා එම අත්දැකීම් තිබෙන නිසා කිසිසේත් විදෙස්‌ විනිසුරුවන් මෙරටට ගෙන්වන්නේ නැතැයිද පැවසීය.
අපරාධ සිදුකළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව කී ඇමැතිවරයා ඔවුන් කළ අපරාධ ගැන සොයන්නේ නැත්තේ මන්ද යෑයි ප්‍රශ්න කළේය.
යම් පරීක්‍ෂණයක්‌ ජාත්‍යන්තරය කරන්නේ නම් තාක්‍ෂණික පහසුකම් ලබාදීමට පුළුවන්කම තිබෙන බවද, එම පහසුකම් ලබා දෙන්නේද එකඟතාවකින් පමණක්‌ යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.