මීතොටමුල්ල ඛේදවාචකය-මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළයයි

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ අනුව මේ වන විට කුණු කන්ද නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ළමුන් පස් දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙයි.
නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර ඊයේ (15) දිනයේදී විපතට පත් නිවෙස්වල භාණ්ඩ සොරකම් කිරීමේ නිරත වූ පුද්ගලයන් 18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විපතට පත් වූ පවුල් 180කට පමණ අයත් පුද්ගලයන් 625 දෙනෙකු පමණ සුබ සාධන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.
කොළොන්නාව ටෙරන්ස් එන්.ද සිල්වා විද්‍යාලයේ සුබ සාධන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර ආපදා කළමනාකරණ කණ්ඩායම් මඟින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
රජයේ චක්‍රලේඛ නොසලකා අවශ්‍ය අරමුදල් කඩිනමින් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට තීරණය කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *