ලොව ක්‍රිකට් ක්‍රීඩකයකුට පිරිනැමෙන ඉහළම සම්මානය මුරලිට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර අයි.සී.සී.යෙන් මෙවන් ඉහළ මට්ටමේ නම්බු නාමයක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවටද මුරලිදරන් පත්වනු ඇත.
මුත්තයියා මුරලිදරන් මෙසේ ලොව විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ කටයුත්ත ලබන ජුනි මාසයේදී පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී සිදු කිරීමට නියමිත අතර මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මුරලිදරන්ට මෙවන් සම්මානයක් පිරිනැමීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටද ලැබෙන ගෞරවයක් බවයි.
මේ කීර්තිමත් නාමය පිරිනැමීමේ කටයුත්ත නිමා වූ බංග්ලාදේශ සංචාරයේදී හෝ ඉන්දීය සංචාරයේදී නැත්නම් එළැඹෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිදු කිරීමට මුරලිදරන්නේ කැමැත්ත විමසූ විට ලබන ජුනි මාසයේදී පැවැත්වෙන අයි.සී.සී. කුසලාන තරගාවලියේදී එය සිදු කිරීමට සුදුසු යැයි ඔහු තෝරාගත් බවද පැවැසේ. කෙසේ වෙතත් මුරලිදරන් සමඟ හිටපු ඕස්ට්‍රේලියානු නායක කැරන් රෝල්ටන්, ආතර් මොරිස් සහ ජෝර්ජ් ලෝමන් යන තිදෙනාද මෙවර මෙම නම්බු නාමය පිරිනැමීමට තෝරාගෙන ඇති අතර අයි.සී.සී. කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ 2 වැනි තරගය ලෙස පැවැත්වෙන ඉන්දියාව සමඟ තරගය පැවැත්වෙන දිනයේදී මුරලිදරන් මේ කීර්තිධර සම්මානය සඳහා නම් කිරීම සිදු කිරීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.