ජාතික ආපදාවන් හමුවේ ගාණ කැපීම

ඩෙංගු, ඉන්ෆුලූවන්සා සහ ඩෙංගු වලට සමාන උණ රෝගයක්. වෛරස් උණ රටම ගිල ගනී. පේරාදෙණිය සරසවිය වැසේ. රුහුණේ පීඪ දෙකක් ද වසා දමයි. උණ රෝගීන්ගෙන් රෝහල් පිරේ. මධ්‍යම පළාතේ ඉන්ෆුලූවන්සාවෙන් මරණ 17 ක්. අපේ‍්‍රල් 04 වන දින පළව ඇති බොහේ සිංහල පුවත්පත් හි සිරස්තල සැකසී ඇත්තේ එවැනි වැකි එකතුවකිනි. එය අද වනවිට රට වෙළාගෙන ඇති බරපතළ තත්වයක් පිළිබදව සිදුකර ඇති වාර්තාකරණයන් පමණක් නොව, දක්නට ඇති බලවත් අනතුරක් පිළිබද පුරෝකථනයක් ලෙසට ද සැලකිය හැකිය. ඒ අතර එක් පුවත්පතක් සිය ප‍්‍රධාන පුවත ලෙස සටහන් කර ඇත්තේ “දොස්තරලා 7 වනදා සිට වර්ජනයේ” යනුවෙනි. එමෙන්ම තවත් වෘත්තීය සමිති රැුසක් එම සටනට එක්වන බවක් ද එහි වැඩිදුරටත් ස`දහන් කර තිබේ. එම වාර්තාකරණය තුළ ද දක්නට ඇත්තේ හුදු තත්ව වාර්තාවක්ම නොවේ. එමගින් ද පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ රට ඉදිරියේ ඇති අභියෝගයක් ය.
එක් පසකින් රට පුරා බරපතළ ලෙස ව්‍යාප්ත වී ඇති, තවදුරටත් ව්‍යාප්ත වීමේ අනතුරක සේයාවන් හගවන බරපතළ රෝග කිහිපයක තර්ජනය ද අනෙක් පසින් එම රෝගීන්ගේ සුවසෙත උදෙසා පෙනී සිටිය යුතුව ඇති ඔවුන් වෙනුවෙන් කැපවිය යුතු වෘත්තීය ප‍්‍රජාවක තර්ජනය ද එම වාර්තාකරණයන් තුළ පැහැදිළිව ප‍්‍රදර්ශනය වේ. ප‍්‍රශ්නය වන්නේ ශිෂ්ට සම්පන්න ජනසමාජයක, සමාජ වගකීමකින් යුත් වෘත්තීමය සේවාවන් ක‍්‍රියාත්මක වන රටක මේ ආකාරයේ එකිනෙකට පරස්පර වූ තර්ජන දෙකක් එකවිට හිස එසවිය හැකි ද යන්නය.
ස්වභාවධර්මයා වෙතින් පැන නැගෙන ආපදා මෙන්ම රෝග බිය නූතන තාක්ෂණික හා වෛද්‍ය විද්‍යාත්මක දියුණුව තුළ වුව ද සපුරා පරාජය කළ නොහැකිය. ඒ අනුව මුඑමහත් මානව ඉතිහාසය පුරා සෑම කාලවකවානුවකදී ම ජීවත්ව සිටි සෑම ජනසමාජයකටම විවිධාකාරයේ රෝග උවදුරු වලට මුහුණ දීමට සිදුව තිබේ. විද්‍යාත්මක දියුණුවේ ප‍්‍රතිලාභයන් රැුසකම හිමිකම් භුක්ති වි`දින නූතන සමාජයට පවා ඒ අනතුරෙන් සපුරා මිදී සිටීමට නොහැකිය. එය එසේ වී ඇත්තේ සංකීර්ණ ජීව ලෝකයේ ඇදහිය නොහැකි විස්මිත හා සපුරා ග‍්‍රහණය කරගත නොහැකි ක‍්‍රියාකාරීත්වයේ අරුමය හේතුවෙනි. සොබාදහම කියන්නේ එයට ය.
ඒ අනුව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට දුෂ්කර විය හැකි වුවත් නිසැකවම පාලනය කළ හැකි ඩෙංගු මෙන්ම ඉන්ෆුලූවන්සා වැනි වෛරසයන් මගින් ඇතිකරන රෝගාබාධ මානව පරිණාමයේ සෑම අවධියකදී ම අප මුහුණ දුන් අභියෝගයන් ය. අතීතයේ සිටම අප ඊට මුහුණ දී ඇත්තේ වෙදකම හා හෙදකම ප‍්‍රගුණ කිරීමෙනි. රටේ ජාතික ධනයෙන් අතිවිශාල මුදලක් කැපකරමින් රෝහල් නඩත්තු කරමින් ද ඖෂධ සදහා අධික මුදලක් වැයකරමින් ද වෛද්‍යවරුන් ඇතුඑ රෝග නිවාරණය සදහා ප‍්‍රගුණ කළ විශේෂඥ මට්ටමේ වෘත්තීයවේදීන් ද ඇතු`එ අතිවිශාල මානව සම්පතක් නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි.
සාමාන්‍යයෙන් අන් බොහෝ වෘත්තීය ක්ෂේත‍්‍රයන්ට වඩා වෛද්‍යවරුන් ප‍්‍රමුඛ සෞඛ්‍ය සේවාවන් සදහා ඊටම ආවේණික වූ ඉහළ පිළිගැනීමක් මෙන්ම ඊට අදාළ වූ ආචාරධර්ම පවත්වාගෙන යන්නේ ත් එම වෘත්තීන් හි ගෞරවය උදෙසා මු`එමහත් ජනසමාජයම ඉහළ අවධානයක් යොමුකරන්නේ ත් ඒ අනුවය. ඒ තුළ අන් බොහෝ වෘත්තීය ක්ෂේත‍්‍රයන් අපේක්ෂා නොකරන සමාජ වගකීමක් ද වෛද්‍ය ක්ෂේත‍්‍රයෙන් අපේක්ෂා කරයි. රටවල් දෙකක් අතර ඇතිවන යුද ගැටුමකදී පවා වෛද්‍ය ක්ෂේත‍්‍රයට අයත් රෝහල් ගිලන්රථ ඇතු`එ වෛද්‍ය කාර්ය මණ්ඩල වලට ද රෝගීන්ට ද සුවිශේෂ වූ ආරක්ෂාවක් සහතික කරන්නේ ඒ තුළ ය.
එහෙත් පෙර සදහන් කළ ආකාරයට බලවත් රෝගපීඩා වලින් මුඑමහත් රටම පීඩාවකට ලක්වෙද්දි ඒ කිසිවක් පිළිබදව වගේ වගක් නැති අප රටේ වෛද්‍යවරුන් සූදානම් වන්නේ වැඩවර්ජනයකට ය. අද දවසේ පළවූ පුවත්පත් බොහොමයක්ම වෛරස් උණ රටම ගිලගන්නා බවට වාර්තා කරද්දි උණ රෝගීන්ගෙන් රෝහල් පිරී යන බවට ස`දහන් කරද්දි මධ්‍යම පළාතේ පමණක් ඉන්ෆුලූවන්සා මරණ 17ක් වාර්තා වී ඇතැයි කියද්දි ශ‍්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සූදානම හත්වනදා රටපුරා වෛද්‍ය වැඩවර්ජනයක් සිදුකරන්නට ය.
මෙවන් තත්වයක් ලෝකයේ ශිෂ්ට සම්පන්න, මිනිස්කමට ගරු කරන කිසිදු වෘත්තීය සේවාවකින් අපේක්ෂා කළ හැකි ද? ඒ ප‍්‍රශ්නය අසන්නට කිසිවෙකු පැකිළියයුතු නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරන අන්දමට ඔවුන්ට විසදා ගැනීමට ඕනෑ තරම් ප‍්‍රශ්න තිබිය හැකිය. ඒවා විස`දාගත යුතුවාක් මෙන්ම රටක් ලෙස ඊට විසදුම් ලබාදිම ද සිදුකළ යුතුව තිබේ. ඒ ගැන ප‍්‍රශ්නයක් තිබිය නොහැකිය. එහෙත් මොනතරම් යුක්ති සහගත හේතු පැවතිය ද ජාතික ආපදාවක මට්ටමෙන් රටපුරා රෝග ව්‍යාප්තියක සළකුණු පෙනි පෙනී තිබියදී ඒ පිළිබදව කිසිදු සැලකීමක් නොකර මේ මොහොතේ වැඩවර්ජන කැදවිය හැකි ද? රටත් රටේ ජනතාවත් මේ ආකාරයට පරදුවට තබමින් විශේෂයෙන්ම රට තුළ ආපදා තත්වයකට සමාන රෝග පීඩාවන් ව්‍යාප්ත වී ඇති සමයක මේ ආකාරයට කටයුතු කරන්නට පෙළඹෙන වෛද්‍යවරුන් පිළිබදව මීට පෙර ලෝකයේ කිසිදු රටකින් හෝ අසන්නට ලැබී තිබේද?
මෙමගින් ඉතා පැහැදිළි ලෙස පෙන්නුම් කරන්නේ කුමක් ද? අප රටේ බොහෝ අංශ වලින් ප‍්‍රදර්ශනය වන සමාජ වගකීමක් නැති වෘත්තීය භාවිතයයි. එනම් අන් සියල්ල පරදුවට තබා තමාගේ පැවැත්ම පිළිබද පමණක් සිතා ඒ උදෙසා සටන් කරන්නට පෙළඹෙන මානසිකත්වයයි. එවැන්නන් බහුල හා එවැන්නන් බලවත් වූ සමාජයක ඉරණම කුමක් විය හැකිද? එය අද දවසේ අප සියලූ දෙනාම ගැඹුරින් සිතා බැලිය යුතු ප‍්‍රශ්නය යි.
-සුනිල් ජයසේකර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *