අළුත්ම පරිගණක වෛරසයක්‌

ඊ-තැපෑලක ස්‌වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක්‌ අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි .
තමන් වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‌ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
මෙම වෛරසය රැන්සොම්වෙයාර් වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඊ-මේල් පණිවුඩයක ඇමුණුමක්‌ විවෘත කරන්නට යැමේදී තම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රවෘත්ති ශ්‍රව්‍ය දෘශ්‍යය පට පීඩීඑෆ් ගොනු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක්‌ වශයෙන් ලැබෙන ව්‍යාජ ඊ-මේල් පණිවුඩයක්‌ ඇතැම් විට මෙම වෛරසය විය හැකි බව සංසදය පවසයි.
පරිගණකය මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපිගොනු තොරතුරු දත්ත ජායාරූප ඊ-මේල් පණිවුඩ ආදී සමස්‌තයම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් බවට දැක්‌වෙන බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පවසයි. තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොනු පින්තූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම වඩාත් ආරක්‌ෂාකාරී උපක්‍රමයක්‌ බවත් එසේම තම පරිගණකයේ ස්‌ථාපිත කර තිබෙන වෛරස්‌ ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කරගැනීම උචිත වන බවත් සංසදය සඳහන් කරයි.
මේ වනවිට තම පරිගණකය මෙම වෛරසයට ලක්‌වීම පිළිබඳව පැමිණිලි කීපයක්‌ ලැබී තිබෙන බව ද සංසදය පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.