ඡන්දෙට වෙන්වුණත් බලය වෙනුවෙන් එක්වෙනවා – ඇමති චම්පික

අපි ඡන්දය ඉල්ලන්නේ වෙන් වෙන්ව වුවත් ඉදිරියටත් ආණ්‌ඩු කරන්නේ එකට බව මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
මීරිගම සතිපොළ ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේය.
එක්‌සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ල.නි.ප යත් ඊළඟ පළාත් සභා, පළත් පාලන, මහ මැතිවරණයේදීත් වෙන වෙනම තරග කළත් ඉදිරියටත් එකට ආණ්‌ඩු කරන බව රණවක මහතා කීය.
එක්‌ව ආණ්‌ඩු කරන සංකල්පය ඉදිරියටත් ගෙන යන බවත් මීරිගම වානිජ මධ්‍යස්‌ථානයක්‌ ලෙස දියුණු කරන බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.